27 C
Colombo
19/01/2025

මහින්දගෙන් උදව් ලබා ගෙන යලි රට ගොඩනගන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ජනපතිගෙන් ඉල්ලයි

Share with your friends :

මේ වනවිට රටේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති හෙයින් රටම කඩා වැටීමට පෙර වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය පාලනයෙහි වැඩි වගකීමක් පවරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව වත්මන් රජය ගොඩනැඟීම සඳහා විශාල මෙහෙයක් කළ ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.
“ගරු ජනාධිපතිතුමනි, අද රාජ්‍ය තන්ත්‍රය කඩාහැළිලා ඉවරයි. රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නෙ නෑ. වගකීමෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි ඔබතුමාගෙන්, ජනතාව පිළිබඳ පරිණත බුද්ධියකින් හෙබි අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමාවත් ගෙන්නාගෙන මේ ගැන ලොකු සාකච්ඡාවක් කරලා “අයියේ, මේ වෙච්ච දේ ගැන මොකද කරන්නෙ අයියෙ. අයියා මලෝ දෙන්නට මේක බැරිකමක් නෙවෙයි. දැන් අයියා මට උපදේශයවත් දීලා මේ වැඩේ කරගන්න” කියලා ඉල්ලුවොත් නරකද කියන එකයි මං ඔබතුමාගෙන් අහන්නෙ. එහෙම නැත්නම් අපි ඒ මහින්ද රාජපක්ෂ ඒ සහෝදරයාට මේ වගකීම් ගොඩක් බාරදීලා මේක කරගෙන යන්න, මම ජනාධිපතිකම දරන්නම් කියන එකවත් නොකළොත් අපි ජනාධිපතිතුමනි මේ රට කඩාහැළෙනවා.
මේක මේ බ්‍රිතාන්‍යයෙන් ආපු රැල්ලක් නෙවෙයි, පෙබරවාරි මාසෙ මේක මාධ්‍ය මතක් කළා, මුලින්ම මතක් කළා. ඒවා සිහියට ගන්න. මේ රෝගය පැතිරීයාම වළක්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියන එකයි අපෙ දැඩි ඉල්ලීම. ගෙනාපු පුද්ගලයාට මිනිස්සු පහරගහනවා නම් මිනිස්සු දොස් කියනවා නම් රට වැටිලා තිබෙනවා නම් රාජ්‍ය තන්ත්‍රය වැටිලා තිබෙනවා නම් මේවායෙ කොටස්කාරයො අපි. ඒ මොකද මේ ආණ්ඩුව බලයට පත්කරන්න අපි උරදුන්න නිසා. අපට එන ලියුම් ටික දැන් පොතක් හදනවා පන්සිය පනස් ජාතකේ වගේ පොතක් එතුමාට බාරදෙන්න මම, මිනිස්සුන්ගෙ දුක්ගැනවිල්ල අපට එවන ඒවා.

සිංහල අවුරුදු කාලේ නිකම් ඔහේ ඇරලා .. ගාල කඩාගත්ත රැල වගේ, පට්ටිය ඇරියා ! තියෙන්ඩ එපැයි මොකක් හරි මේකෙ, බලන්න එපැයි මොකක් හරි කරලා. එහෙම ඒවා හෙව්වෙ නෑනෙ. එහෙම හොයන්න තරම් මේගොල්ලොන්ගෙ උනන්දුවක් තිබුණෙ නෑ. දැන් ඔක්කොම හරි කියලා දැන් ආයෙ කියනවා බ්‍රිතාන්‍යයෙන් එනවා අරහෙන් එනවා මෙහෙන් එනවා කියලා. දැන් නෙවෙයි. මං ස්තූතිවන්ත වෙනවා මාධ්‍ය කලින් මේවා පෙන්නලා දුන්නාට මේ රැළි පිළිබඳව, මේකෙ අයහපත පිළිබඳව. ඒවා ගණං ගත්තෙ නෑ, මාධ්‍යවලටත් පහර ගහන්න පටන් ගත්තා”

Share with your friends :