27 C
Colombo
19/01/2025

කොවිඩ් රට පුරා පැතිර යද්දී ආණ්ඩුව එන්නත් වෙනුවට ගන්නේ රුසියාවෙන් හෙලිකොප්ටර් – සජිත්

Share with your friends :

කොවිඩ් 19 වසංගතය අසාමාන්‍ය ලෙස රටපුරා පැතිර යද්දී වසංගත තත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් එසේ තිබියදී එන්නත් ගෙන්නනවා වෙනුවට රජය රුසියාවෙන් හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සූදානම් වන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

වැඩිදුරටත් කරුණු දක්වන විපක්ෂ නායකවරයා ,
“අවම වශයෙන් රටේ ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමට හෝ අසමත් ආණ්ඩවුක් බවට වත්මන් ආණ්ඩුව පත් වෙලා ,
මෙම හෙලිකොප්ටර් 04 සහ යුද හමුදාවට අවශ්‍ය උපකරණ රුසියාවෙන් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 720 ක් වැය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා , හමුදා භටයන් ප්‍රවාහනය කරන විශේෂිත වාහන හැටක් ගෙන්වන්න යනවා , ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඉතා වැදගත්, නමුත් මෙවැනි වසංගත තත්වයක් උද්ගත වී ඇති අවස්ථාවක එන්නත් මිලදී ගැනීමට වඩා හෙලිකොප්ටර් මිලදී ගැනීම වැදගත් වන්නේ කොහොමද ?
වසංගත තත්වයෙන් රටේ ජනතාව මුදවා ගැනීම සඳහා එන්නත් මාත්‍රා මිලියන 44 ක් අවශ්‍ය වන නමුත් මේ දක්වා ගෙන්වා ඇත්තේ එන්නත් මාත්‍රා මිලියනයක් පමණක් බවද ඔහු පවසනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා හෝ රජය සතුව නැහැ. රෝහල් වල තත්වය බිඳ වැටිලා, අත්‍යවශ්‍ය පහසුකම් පවා මේ වන විට රෝහල්වල නැහැ, ඒ නිසා වහාම හෙලිකොප්ටර් ඇනවුම් නවත්වා ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න “

Share with your friends :