27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකන් ගුවන් සේවය නාලක ද සොයිසා ගැන තීරණයක් නොගන්නා හේතු මෙන්න

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩු සිදු කරමින් සහ එහි ආරක්‍ෂිත තත්වයන් හා කීර්තිනාමය අනතුරේ හෙලමින් කටයුතු කරමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා මුර කළමනාකාර (Roster Manager) නාලක ද සොයිසා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව එහි වෘත්තීය සමිති හා මාධ්‍ය මගින් දිගින් දිගටම හඬ නැගීම නිසා ඔහුගේ තනතුර වෙනස් කර ඔහු පරිපාලන කළමනාකාර තනතුරට මාරු කර මෙතෙක් පරිපාලන කළමනාකාරවරයා ලෙස කටයුතු කල තැනැත්තා සේවා මුර කළමනාකරු ලෙස පත් කර තිබේ.ශ්‍රීලංකන් ගුවන් සේවයට මිලියන් ගනනින් පාඩු කර තිබියදීත් මොහුට එරෙහිව තනතුරින් පහල හෙලීමක් හෝ අඩුමතරමින් අවවාද කර ලිපියක් හෝ ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ලබා නොදීම බරපතල කාරණයකි.
මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක විපුල ගුණතිලක ගේ සමීපතම හිතවතෙකු වන, කලක් එම ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු භාරව සිටි ගුවන් නියමුවෙකුගේ මැදිහත්වීමෙන් නාලක ද සොයිසා ට එරෙහිව පියවර ගැනීම වලක්වා ඇති බවයි.
අදාළ ගුවන් නියමුවා එම ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් කීප දෙනෙකු සමග පෙම් සම්බන්ධතා පවත්වන අතර අදාළ ගුවන් නියමුවා දීර්ඝ ගමනාන්ත එනම් දින කීපයකින් නැවත එන ගමනාන්ත වෙත ගමන් ගැනීමේදී ඔහුට අවශ්‍ය ගුවන් සේවිකා පෙම්වතියන්ද එම ගුවන් ගමනට යොදවන්නට කටයුතු සිදුවීම මෙම මැදිහත්වීමට හේතුව බව කියති.
මේ අතර නාලක ද සොයිසා ගේ බිරිඳ ද ගුවන් සේවිකාවක් වන අතර ඇයට නිතරම දීමනා සහ ඉපයීම් වැඩි දීර්ග ගුවන් ගමන් ලබා දෙන බවටද සෙසු ගුවන් යානා කාර්ය මණ්ඩල සේවක සේවිකාවෝ චෝදනා කරති. එසේම අදාළ දීර්ඝ ගුවන් ගමන් සෑම විටම එකම පිරිසකට ලැබෙන බවත් , දීමනා අඩු එක්දිනයෙන් ආපසු පැමිණෙන ගුවන් ගමන් පමණක් ඇතැමුන්ට ලැබෙන බවත් පැවසේ. මෙම සම අවස්ථා නොලැබීම නිසා බොහෝ ගුවන් සේවික සේවිකාවන් දැඩි කලකිරීමෙන් සිටිති.
නාලක ද සොයිසා විසින් නිරෝධායනය නිසි ලෙස අවසන් නොකළ සිටි ගුවන් නියමුවෙකු PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන්නට පෙර මොහු විසින් සේවයේ යෙදවීම නිසා මාලදිවයිනට ගිය ගුවන් යානයක් නැවත ශ්‍රීලංකාවට ගෙන ඒමට තවත් ගුවන් යානයක් හා කාර්ය මණ්ඩල දෙකක් යවන්නට සිදුවීම නිසාය.
ඒ අනුව අදාළ ගුවන් නියමුවාට එම යානය නැවත ශ්‍රීලංකාවට රැගෙන ඒමට නොහැකි නිසා තවත් ගුවන් යානයක් කාරය මණ්ඩල දෙකක් සමග මාලදිවයිනට යවන්නට සිදුවූ අතර එතෙක් ගුවන් යානය ප්‍රමාද වීම නිසා මාලදිවයිනේ සිටි මගීන්ට විවිධ සේවා සපයන්නට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුවීම නිසා මේ සිද්ධියෙන් විශාල පාඩුවක් ගුවන් සේවයට සිදු විය.එසේම එහිදී ගුවන් සමාගමේ වියදමින් ඩොලර් 100 බැගින් නැවත ගෙවා PCR පරීක්ෂණ මාලදිවයිනේදී කරන්නට සිදුව ඇත්තේ ගුවන් මගින් කලින් යානයෙන් බැස්සවීම නිසාය.
පසුව එහි ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් 320 යානයේ පිය ගැට පෙළ සවිකරන්නට පැමිණි වාහනයක් ගුවන් යානයේ ගැටී ඇති අතර ඒ හේතුවෙන් එම එයාර් බස් 320 යානයට අලාභ හානි සිදුව ඇත. පසුව එම යානය එහි දමා කලින් තිබු යානය රැගෙන නව කාර්ය මණ්ඩලය සමග එම එයාර් බස් 330 යානය මගීන් සමග යලි ශ්‍රීලංකාවට පැමිනියේය. අලාභ හානි වූ යානය අලුත්වැඩියා කිරීම සඳහා තවත් ශ්‍රීලංකන් ගුවන් යානයක් එහි යවන්නට ගුවන් සේවයට සිදුව විය. මෙසේ ගුවන් යානය අලුත්වැඩියාවට ගිය තාක්ෂණ නිලධාරියකු එහි දින දෙකක් ගත කිරීමෙන් පසු කොරෝනා රෝගයට ගොදුරුවී තිබේ. මේ සියලු කාරනා වලට හේතුව නාලක ද සොයිසාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපයයි.
එම නිසා නාලක ද සොයිසා ගේ කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් හෝ විගණනයක් වහාම සිදුකරන ලෙස වෘත්තීය සමිති පාලනාධිකාරියෙන් ඉල්ලති.

Share with your friends :