27 C
Colombo
19/01/2025

බ්‍රිතාන්‍යයේ පැතිර යන භයානක කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ

Share with your friends :

බ්‍රිතාන්‍ය පැතිර යන B 1 1 7 කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති බවයි.
B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව අන් වයිරසවලට සාපේක්ෂව සියයට 50 දක්වා වැඩි වන අතර මින් මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට පනහකින් පමණ වැඩි යැයි චන්දිම ජවන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ප්‍රදේශ වලින් ලැබුණු සාම්පල 43 ක් ගැන දීර්ඝව පරීක්ෂණ පැවැත්වීමේදීය.

Share with your friends :