ඉන්දියාවේ ඇසාම් ප්‍රාන්තයේ ඒකක 6.4 ක දරුණු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙහිදී ගොඩනැගිලි වලට හානි සිදුව ඇති අතර ජීවිත හානි සිදුවූ බවක් තවමත් වාර්තාවී නොමැත.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇසාම් හි සොනිට්පූර් ප්‍රදේශයේ බව පැවසේ. එරට වේලාවෙන් උදැසන 8.00 ට පමණ මෙම භුමිකම්පාව සිදුව තිබේ.
