27 C
Colombo
19/01/2025

ඇමරිකානු,බ්‍රිතාන්‍ය,ප්‍රංශ,ජර්මානු හා කැනේඩියානු තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සජිත් හමුවෙති

Share with your friends :

යුරෝපා සංගමයේ තානාපති Mr. Denis Chaibi, ප්‍රංශ තානාපති Mr. Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms. Rita Giuliana Mannella, ජර්මන් තානාපති Mr. Holger Seubert, රොමේනියානු තානාපති Mr. Victor chiujdea ,කැනේඩියානු මහ කොමසාරිස් Dewid Makinan, ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler, නෝර්වේ තානාපති Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Eleina B. Teplits, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Amanda Jewellයන රාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවීම් අවස්ථා දෙකකදී විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ.

වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද අවධානය යොමු කරනු ලැබීය. ආණ්ඩුව විසින් දියත්කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ අතර විපක්ෂ සහ සමගි ජන බලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබ ඇත.

මානව, සිවිල්, ආර්ථික, සමාජයීය, දේශපාලන, ආගමික, සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන බවද විපක්ෂ නායකවරයා මෙහිදී පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුද, සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජේෂ්ඨයින් වන ආචාර්ය රොහාන් පල්ලේවත්ත, ආචාර්ය ගිහාන් ගුණතිලක, හරීම් පීරිස් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share with your friends :