27 C
Colombo
21/01/2025

පොල් තෙල් රට තුල ඇත්තේ සතියකට පමණයි-ගැටලුව විසඳන තීරණාත්මක සාකච්ඡා අද

Share with your friends :

මේ වන විට රටේ ඇතිවී තිබෙන පොල් තෙල් හිඟය හා තෙල් ආනයනකරුවන් මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ. මේ වන විට රට පුරා ඇත්තේ සතියකට පමණ සරිලන තෙල් වර්ග බව පැවසේ. එම නිසා වහාම තෙල් වර්ග ගෙන්වීමට හා ප්‍රමාදයකින් තොරව ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මෙහිදී සාකච්ඡාකරන්නට නියමිතය.
මෙරටට ගෙන්වන තෙල් වර්ග නෞකා වල සිටම පරීක්ෂාවට ලක් කරන්නට රජය ගෙන ඇති තීරණය සහ ඒ සඳහා දින ගනනාවක් ගතවීම නිසා දිනකට ඇමරිකානු ඩොලර් විසි දහස බැගින් නැව් ගාස්තු ගෙවන්නට ආනයනකරුවන්ට සිදුව තිබේ. එම හේතුව නිසා මේ වන විට නැව් මෙරටට පැමිණීමට මාලි කමක් දක්වන අතර නැව් ගාස්තුද ඉහල දමාතිබේ. අවසානයේ මේ සියල්ල නිසා තෙල් මිල වැඩි වන අතර එය අවසානයේ දරන්නේ පාරිභෝගිකයා විසිනි.
තෙල් අර්බුදය නිසා මෙරට පිරිපහදු දහයම මේ වන විට වසා දමා ඇති අතර ඒවායේ රැකියා කල හා ඒ ආශ්‍රිත රැකියා කල දහස් ගනනකට රැකියා අහිමිවී තිබේ.

Share with your friends :