27 C
Colombo
21/01/2025

දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ගෙන් පිරීයමින් පවතිනවා-සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Share with your friends :

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වේ.
කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ.
මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත්තේ දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල වෙනත් වාට්ටු තුළ සිටී නම් අවශ්‍යතාවය පරිදි ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත අනුයුක්ත කරන ලෙසය.
ඊට අමතරව හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර සහිත රෝහල් ඇදන් ප්‍රමාණයත් වැඩිකරමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ පවසයි.
දැනට රෝහල් ගතකර තිබෙන විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව තිබේ.
මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් දෙකකි.

Share with your friends :