කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයිද , වෛරස් ව්‍යාප්තිය පිළිබඳව නිවැරැදි දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් ලබා නොදෙන බවද පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මේ වන විට විශාල අවදානමක් ඉදිරියේ සිටින බවයි.
මෙම තත්වය යම් තාක් හෝ පාලනය කිරීමට නම් වහාම සංචරණ සීමා පැනවීම කල යුතුම යයිද, දැනට ශ්‍රී ලංකාව සිටින්නේ තුන්නාන රැල්ල ආරම්භයේ දී පමණක් යැයිද ඇය පැවසුවේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.