2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද සංශෝධිත නියෝග සිදු කරමින් රජය විසින් නව ක්‍රමවේද හඳුන්වා දී තිබේ. මේ යටතේ දේශ සීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කරන ලද බව රජය පවසයි. මෙම සංශෝධිත විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුව 2021 මාර්තු 22 දින සිට වලංගු වනු ඇත. එසේ හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අතරින් ප්‍රධාන කරුණු පහත පරිදි වේ.