27 C
Colombo
19/01/2025

මහාපරිමාණ ව්‍යාපෘති 25 කට ඉඩම් අත්පත් කරගැනීමට හා වන්දි ගෙවන්නට නව ක්‍රමවේදයක්

Share with your friends :

කොළඹ, මහනුවර,ගාල්ල,ත්‍රිකුණාමලය,කුරුණෑගල හා රත්නපුර ඇතුළු රට පුරා ප්‍රධාන නගර කීපයක මහා පරිමාන ව්‍යාපෘති 25 ක් සඳහා වන්දි ගෙවා පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රජය නව ගැසට් නිවේදන නිකුත් කරන බව ප්‍රකාශ කර තිබේ.
ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නව රෙගුලාසි නිකුත් කෙරේ.
මධ්‍යම අධිවේගී මාර්ගය, මෙට්‍රෝ කලම්බු නගර සංවර්ධන ව්‍යාපෘතිය,දඹුල්ල හරහා කුරුනෑගල-හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය,ලෝක බැංකු ණය ආධාර යටතේ මහනුවර සහ ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘති, ප්‍රංශ ණය ආධාර යටතේ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ත්‍රිකුණාමලය,දඹුල්ල,කුරුනෑගල,රත්නපුර නගර සංවර්ධන ව්‍යාපෘතිද මේ අතර වෙයි.
මේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී ඉඩම් වල වෙළඳපොල වටිනාකම මත ගෙවීම් සිදු කෙරේ. එසේම මෙහිදී අදාළ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා යන වියදමද සැලකිල්ලට ගැනේ. මෙහිදී තම ව්‍යාපාර හෝ රැකියා අහිමිවීම් වෙනුවෙන්ද වන්දි පිරිනැමේ.

Share with your friends :