රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව මෙසේ අනුමැතිය ලැබී ඇත්තේ අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සිරි නිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද භද්‍රානි ජයවර්ධන මහත්මිය,
කේ රණවක මහතා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද ආර්. ඒ. කේ. කේ. රණවක මහතා ඉඩම් අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද පත්කිරීමටය.
මෙයට අමතරව ටී. එම්. අම්සා මහතා සෞදි අරාබියේ තානාපතිවරයා ලෙස ද එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.