ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා පත් කර තිබේ. මහනුවර මහා රෝහලේ අධ්යක්ෂවරයා ලෙස දීර්ග කාලයක් සේවය කල ඒ මහතා පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙස පත් කරන ලදී.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ඔහුව පත් කරන ලෙස සෞඛ්‍ය ක්ෂේත්රයෙන් බොහෝ ඉල්ලීම් තිබුනද ඔහුට එම පත්වීම නොලැබුණු අතර ඒ සම්බන්ධයෙන් රජයට විවිධ පාර්ශව වලින් දැඩි විවේචන පවා එල්ලවිය. පසුගිය දිනවල මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවා සෞඛ්‍ය ක්ෂේත්රයේ තනතුරු සම්බන්ධයෙන් විටින්විට දැඩි විවේචන එල්ල කරන ලදී. වෛද්‍ය සමන් රත්නායක මහතා අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ සමීප ඥාතියෙකි.