27 C
Colombo
24/11/2024

කොරෝනා අස්සේ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ගම්පහ වොලිබෝල් තරගවල

Share with your friends :

කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ බව කියන මෙම වොලිබෝල් තරගාවලියට සියලුම දිස්ත්‍රික්කයන් නියෝජනය කාන්තා සහ පිරිමි කණ්ඩායම් 52ක සිය ගණනක් මෙම තරගාවලියට සහභාගී වී ඇතැයි ද එම ලිපිය මගින් දැනුම් දි තිබේ.
මෙම තරගාවලියේ ආරම්භක අවස්ථාවට රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ යන මහත්වරුද සම්බන්ධ වී තිබේ.

Share with your friends :