පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත යම් තරමකට හෝ සංචරණ සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවද සිය ආකල්ප වෙනස් කර ගත යුතු බව සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් කොතරම් නීති දැම්මද ගෝලීය වසංගතය පාලනය කිරීම අපහසු තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.