27 C
Colombo
19/01/2025

කොවිඩ් වසංගතය පාලනයට රජයෙන් නව තීරණ රැසක් හා උපදෙස් මාලාවන්

Share with your friends :

කොවිඩ් පැතිරයාම වැලැක්වීම සඳහා විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන්නට රජය තීරණය කර තිබේ.
පාසල් සහ පෙර පාසල් විවෘතව තැබිය හැකි අතර ඒවාට සිසුන් ඇතුළු කර ගත හැක්කේ ධාරිතාවයෙන් සියයට 50ක් පමණි.
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්පගෝපදේශ මාලාවෙහි ඒ බව සඳහන්වේ.
මේ අනුව මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය.


Share with your friends :