27 C
Colombo
19/01/2025

කොරෝනා නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වුණු පසුවයි – චන්න ජයසුමන

Share with your friends :

කෙතරම් උපදෙස් ලබාදුන්න ද මේ වනවිටත් බොහෝ පිරිසක් විනෝද චාරිකා සංවිධානය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වර්තමාන කොවිඩ් -19 වෛරස තත්ත්වය අතිශයින් භයානක බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා සංචාරක කටයුතු හැකිතාක් අවමකරන ලෙස දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා

“නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තවත් දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලියි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතු වෙලා තියෙන්නේ. ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ලඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි ස්පුට්නික් එන්නතත් සමඟ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 2ක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලැයිස්තුගත කිරීම් යටතට පත් කරයි කියලා. ලංකාවට මේ වනවිට ලක්ෂ 6ක් ලැබි තිබෙනවා සයිනොෆාම් එන්නත්. එ්කෙත් 4000ක පමණ ප්‍රමාණය තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ. ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයිට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සිරුවෙන් කටයුතු කරනවා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා අප රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා. එය සාර්ථක කරගැනීම සඳහා ජනතාවගෙන් අප විශේෂ සහායක් බලාපොරොත්තු වෙනවා. සති අන්තයේ නිවෙස්වල රැඳී සිටින්න. මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළුවලට යම් හනියක් සිදුවුණායින් පස්සේ. ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න.” යනුවෙනි.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලියට විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

Share with your friends :