පසුගිය ආණ්ඩුව යටතේ සකස් කෙරුණු පනත් කෙටුම්පතට සාපේක්ෂව බලනවිට වත්මන් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත භායානක ප්‍රතිඵල ගෙනඑනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,
“කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇතිකරන එක 2016 දී මම කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ අනුව එම මධ්‍යස්ථානය වරාය නගරයේ පිහිටුවන්නට අපි තීරණය කළා. ඒ මුල්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් නීති සකස් කළා. මොකද ඒක අපේ ආර්ථිකයේ කොටසක්, ඒක අපිට අයිති කොටසක්, ඒ වැඩකටයුත්ත අපිට කරන්න තියෙන්නේ. වරාය නගරයේ යටිතල පහසුකම් සහ අනෙක් වැඩකටයුතු කිරීම, ඒ සමාගමෙත් වගකීමක්. ඒකත් අපි ආරක්ෂා කරලා තියෙනවා. මේ අනුව අපි ඇත්ත වශයෙන්ම නීති රාමුවක් සකස් කළා කෙටුම්පතක් හැටියට සාකච්ඡා කරන්න. ඊට අමතරව නීති ගණනාවක් වුවමණයි, විටින් විට ඒ නීති සම්මත කරගන්න. එයින් ව්‍යවස්ථාදායකයේ බලතල අපි ආරක්ෂා කළා. අධිකරණයේ බලතල අපි ආරක්ෂා කළා. කැබිනට් මණ්ඩලයේ බලතල අපි ආරක්ෂා කළා. මේ අලුත් කෙටුම්පත මීට වඩා භයානකයි. ව්‍යවස්ථාදායකයේ බලතල සම්පුර්ණයෙන්ම ඉවත්කරලා තියෙනවා. අධිකරණයේ බලතල ඉවත්කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ බලතල ඉවත්කරලා තියෙනවා. වෙනත් එක රටකවත් මෙහෙම එකක් සිදුවෙලා නැහැ. ඉතින් විශේෂයෙන්ම ඇයි මේක කරන්නේ කියලා අපි දැනගන්න කැමතියි. අනෙක් කිසිම රටක මහ බැංකුව නැතිනම් මේ පාලනය කරන කොමිසම, මේකට සූදූ පොළොවල් ඇතුළු කිරීමට බලය දීලා නැහැ. මේ දෙක එකතු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ලංකවේ මේ කරන්නේ මුදල් විශුද්ධිකරණයක් ද කියලා ලොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඇයි මේවා ගැන අපි අවුරුදු දෙකක් කථා කළා. ඇයි මේවා ගැන කථා කරන්නේ නැත්තේ ? ඇයි මුදල් අමාත්‍යාංශය මෙයින් වඳ කරලා තියෙන්නේ ? ඒ අමාත්‍යාංශයේ බලය නැති කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී මේවා අපි සාකච්ඡා කරමු. මෙහෙම මධ්‍යස්ථානයක් ඇතිකරන්න පුළුවන්නම් අපි සියලු දෙනාම කැමතියි. ඒත් මේක සාකච්ඡා කරන්න ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ආරක්ෂා කරලා අපි මේ වැඩකටයුත්ත කරගෙන යමු. අන්න ඒ දේ නිසා දැනට මේ ගැන හැම පක්ෂයක් සමඟම අනෙක් සංවිධාන සමඟත්, ආගමික සංවිධාන සමඟත් සාකච්ඡා කරන්න කියලා මම ආණ්ඩුවට කියනවා.