27 C
Colombo
19/01/2025

පොල් තෙල් මිල කිලෝව 800 ට නගී – සමාගම් හතරක මාෆියාවක්

Share with your friends :

පොල්තෙල් සම්බන්ධයෙන් සමාජයේ ඇතිවූ භීතිකාව ස සම්බන්ධ තත්වයන් හේතුවෙන් මේ වන විට පොල් තෙල් මිල විශාල වශයෙන් ඉහල යමින් පවතී.
මේ වන විට පොල් තෙල් කිලෝවක මිල රුපියල් 800 කි. ( බෝතලයක මිල මීට අඩුය)
පොල්තෙල් වල ඇෆලටෝක්සීන් ප්‍රශ්නය ඇතිවීමට පෙර පොල් තෙල් කිලෝවක මිල රුපියල් 490 කි. මේ සියලු ලාභය හිමිකර ගෙන ඇත්තේ තෙල් ප්‍රශ්නය ඇතිවීමට පෙර මෙරටට පොල් තෙල් ගෙන්වා රස කරන ලද ප්‍රධාන පෙලේ සමාගමයි.
මේ වන විට පොල් තෙල් හා අනෙකුත් තෙල් වෙළඳාම රටේ ව්‍යාපාරිකයන් හතර දෙනෙකුට ක්‍රමයෙන් නතුවෙමින් පවතී. මෙයින් එක ව්‍යාපාරිකයකු ප්‍රධාන වශයෙන් මෙම තෙල් වර්ග ප්‍රධාන වශ‍යෙන් ආනයනය කරන අතර සෙසු තිදෙනා ඔහුගෙන් එම තෙල් ලබා ගෙන විකිණීම සිදු කරති. අදාළ මහා පරිමාන තෙල් වෙළෙන්දා තෙල් ලබා දෙන්නේද අනෙක් ව්‍යාපාරිකයන් තිදෙනාට පමණි. ඒ තත්වය මත අනෙකුත් තෙල් ව්‍යාපාරිකයන් සහ තෙල් පිරිපහදු සමාගම් හා ඒ ආශ්‍රිත ව්‍යපාර වැසීයමින් පවතී.

Share with your friends :