27 C
Colombo
27/01/2025

ශ්‍රීලංකන් ගුවන් යානයක් මාලදිවයිනේදී අනතුරක

Share with your friends :

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer) අලාභහානි සිදුව ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටියි.
අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි.
කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Share with your friends :