27 C
Colombo
26/01/2025

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු වෙයි

Share with your friends :

මහත් ආන්දෝලනාත්මක සිදු වීමක් වූ අමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ චූදිතයා වන පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින්ට එරෙහිව නඟා ඇති චෝදනා සියල්ලටම එරට අධිකරණයක් විසින් ඔහු වරදකරු කර තිබේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරි ඩෙරික් චෝවින් වරදකරු කර තිබෙන අතර, ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති කිහිපයක් පුරා පැවැත් විනි.
අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මඟිනි. ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා අමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම අමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත වූ අතර, ජූරි සභාව පැය 10ක් පුරා සාකච්ඡා පවත්වා අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නඩු තීන්දුවෙන් පසු පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.
උප ජනපතිනී කමලා හැරිස් ද එම අවස්ථාවට එක්ව සිටියාය.
‘‘මේක මහ දවාලේ සිද්ධ වුණු මිනීමැරුමක්, පවතින ක්‍රමය තුළට කිඳා බැස ඇති වර්ගවාදය ඇමරිකානු ආත්මයට කළු පැල්ලමක් එක් කලා ” බයිඩන් පැවසීය.

Share with your friends :