ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු සමග බාලි දුපත් ආසන්නයේදී අතුරුදහන්ව තිබේ.
KRI නංගලා – 402 නමැති සබ්මැරීනය මෙසේ අතුරුදන්ව තිබේ. එම සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තවත් දින තුනකට පමණක් වන අතර එම නිසා වහාම එය සොයා ගත යුතු බව බලධාරීහු පවසති.
මලයාසියාව , ඔස්ට්‍රේලියාව ,ප්‍රංශය, ජර්මනිය , ඇමරිකාව සහ සිංගප්පුරුව යන රටවල් මෙම සබ්මැරීනය සෙවීමේ කටයුතු වල නිරත වෙති. ඒ සඳහා පුද්ගලයන් 400 ක් , යුද නැව් හයක් සහ හෙලිකොප්ටරයක් එක්ව සිටිති.
මෙය ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනයකි.