27 C
Colombo
25/11/2024

කොවිඩ් ආසාදනයවූ රාහුල ගාන්ධිට අගමැති මෝඩිගෙන් සුව ප්‍රාර්ථනා

Share with your friends :

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. මේ දින වල රාහුල් ගාන්ධි කේරල, ඇසෑම් සහ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණවල මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටී.
තමන් කොරෝනා ආසාදිතයකු බවත් පසුගිය දින කීපයේ තමන් සමීපයට ආ සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වෙත යොමු විය යුතු බවත් රාහුල් ගාන්ධි පවසා ඇත.
50 හැවිරිදි වියෙහි පසුවන රාහුල් ගාන්ධි, මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වී ඇති අතර වෛද්‍යවරුන්ට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාහුල් ගාන්ධි හට ඉක්මන් සුවය ප්‍රර්ථනා කර තිබේ.

Share with your friends :