වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනට සදහා හෙට (21) ට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළේය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් 19 යේම කරුණු දැක්වීම අද (20) අවසන් කෙරිණි.
හෙට දින එම පනතට පක්ෂව ගොනු කර ඇති අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ හා නීතිපතිවරයාගේ කරුණු දක්වීම් සිදු කිරීමට නියමිතය.
වරාය නගර පනත් කෙටුම්පතට මේ වන විට රට පුරා දැවැන්ත මහජන විරෝධයක් ඇතිවී තිබේ. මහා සංඝරත්නයේ බහුතරයක්ද දැනටමත් මීට එරෙහිව දැඩි විරෝධය පළකර තිබේ.
මේ අතර පසුගිය කාලයේ දැඩි දේශප්‍රේමීත්වයක් පෙන්නුම් කල සිවිල් සමාජයේ ඇතැම් පාර්ශව චීන පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය කැමැත්ත පල කර තිබේ.