ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයා වන රඛිත රාජපක්ෂ මහතා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.
රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු විසින් පදවන ලද ජීප් රථයක් රාජගිරිය ප්රදේශයේදී මෝටර් රථයක් හා ගැටී ඇත.
අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.
මේ අතර වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් ටී.ප්රභාගරන් මහතා නියෝග කළේය.
සැකකාර නීතිඥවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා රෝහලට ගොස් මෙම නියෝගය කළේය.