පළාත් සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ එකඟතාව පළ වී තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ වී ඇත.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතා ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරල මහතා ස්ථිර කර ඇත.
මෙම රැස්වීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් ද සහභාගි වී ඇත.