ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
ආණ්ඩුවේ පක්ෂ කීපයක් වෙනම මැයි රැළියක් පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ අතර කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මැයි දින රැලි නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කර තිබිණි.
කොරෝනා තුන්වන රැල්ල ව්‍යාප්ත වෙමින් අවදානම් තත්වයක් මතුව තිබේන වටපිටාවක් තුළ මැයි දින රැලි පැවැත්විම දැඩි අවධානමක් බවද , අවුරුදු සමයේ වයිරසය ආසාදීතයන් වාර්තා වෙන්න තව සති දෙකක් ඇති බවද ,ඒ නිසා යම් හෙයකින් මැයි රැලි පැවතුනහොත් මේ තත්වය දරුණු විමට තිබේන ඉඩ කඩ වැඩි බව ද ඔහු සඳහන් කර තිබිණි.