27 C
Colombo
24/11/2024

රට පුරා රෝහල් වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් ( P.P. KIT ) හිඟයක්

Share with your friends :

රට පුරා රෝහල් වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් ( P.P. KIT ) හිඟයක් ඇතිවී තිබේ.
මේ හේතුවෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු වලට බාධා පැමිණ තිබේ.
වෛද්‍ය සැපයුම් ඒකකය විසින් අදාළ කොරෝනා ආරක්‍ෂිත නිල ඇඳුම් නිසි ලෙස සැපයීම් නොකිරීම මීට හේතුවී තිබේ.ඇතැම් රෝහල් වල මේ වන විට කිසිදු කොරෝනා ආරක්‍ෂිත ඇඳුමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇතත් වෛද්‍ය සැපයුම් අංශයේ අදාල අංශය භාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නැත.
මේ අතර අදාළ කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සැපයීම් වලදී ඉදිරිපත්වූ මිල ගණන් වලදී අධික මිලට එම ඇඳුම් කට්ටල මිලදී ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කර ගෙන යයි.
අදාළ මිලදී ගැනීමෙන් ශ්‍රීලංකා රජයට රුපියල් ලක්ෂ 530 ක පාඩුවක් සිදුව තිබේ.

Share with your friends :