27 C
Colombo
19/01/2025

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද සවස-කොරෝනා නීති අකුරට-පවුලේ 30ක් පමණයි

Share with your friends :

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාද බ්‍රිතාන්‍ය පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද සවස වින්ඩ්සර් මාලිගයේ දේවස්ථාන භූමියේදී සම්ප්‍රදානුකූලව සිදු කෙරේ. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජින ගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු මියයන විට 99 වන වියෙහි පසු විය.

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නීතිරීති වලට අනුගත වෙමින් බ්‍රිතාන්‍ය රජ පවුලද පිලිප් කුමරුගේ අවසන් කටයුතු වලට සහභාගී වන සංඛ්‍යාව 30 කට සීමා කර තිබේ.
ඔහුගේ දරුවන් වන චාර්ල්ස් කුමරු, ඇන්ඩ්රූ කුමරු,එඩ්වඩ් කුමරු , ඈන් කුමරිය සහ මුණුබුරන් වන විලියම් හා හැරී දේහය රැගත් ලෑන්ඩ් රෝවර් රථය සමග වින්ඩ්සර් හි ශාන්ත ජෝන් දේවස්ථානය වෙත ගමන් කරනු ඇත. එසේම පිලිප් කුමරුගේ මිනිබුරු මිනිබිරියන්ද අවමගුල් උත්සවයට සහභාගී වනු ඇත.
අවමගුලට සහභාගිවන 30 දෙනා අතරට පිලිප් කුමරුගේ ජර්මානු ඥාතීන් තිදෙනෙකුද අයත් වෙති. එම කටයුතුද මුව ආවරණ පැළඳ සමාජ දුරස්ථභාවය ඇතිව සියලු කොරෝනා මාර්ගෝපදේශ වලට අනුකූලව සිදු කෙරේ.
අවමගුල් උත්සවයේදී කිසිදු හමුදා නිල ඇඳුමකින් පවුලේ සාමාජිකයන් සැරසී නොසිටින්නට එලිසබෙත් රැජින තීරණය කර තිබේ.

දේහය රැගෙන යන ලෑන්ඩ්රෝවර් රථය
Share with your friends :