27 C
Colombo
23/09/2024

අපනයනකරුවන්ට සහනයක්

Share with your friends :

රටතුල දැනට පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස අපනයන මගින් ලැබෙන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් දින 30ක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් ලෙස පරිවර්තනය ලෙස අපනයනකරුවන්ට ශ්‍රී ලංකා මහබැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.
අපනයන සඳහා ලැබෙන ආදායම ඇමරිකන් ඩොලර් වලින් ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපනයනකරුවන්ට මාස 06ක කාලයක් නීතියෙන් හිමි වෙයි.
මීට පෙර අපනයන ආදායමෙන් සියයට 25ක් දින 14 ඇතුළත රුපියල් බවට පරිවර්තනය කරන ලෙස මහබැංකුව අපනයනකරුවන්ට නියෝග කර තිබූ අතර එය මෙවර සියයට 10ක් ලෙස සංශෝධනය කර තිබේ.
කෙසේ වෙතත් මෙරට ඇතැම් අපනයනකරුවන් අපනයන ආදායමෙන් සැලකිය යුතු කොටසක් සිංගප්පුරුවේ සහ ඩුබායි හි ගිණුම් වල රැස්කර ඇතැයි ඇතැම් පාර්ශ්ව විසින් හෙළිකර ගෙන තිබේ.

Share with your friends :