27 C
Colombo
23/09/2024

රුපියල යලිත් ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයි

Share with your friends :

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉකුත් දිනවල පහළ ගිය ශ්‍රී ලංකා රුපියල අද (16) තරමක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (16) ඩොලරයක විකුණුම් අගය රුපියල් 201.28ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 195.27ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ඩොලරයක විකුණුම් අගය ඊයේ (15) රුපියල් 204.68ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 199.80ක් ලෙසත් දැක්විණි.
කෙසේ හෝ ඩොලරයේ අගය රුපියල් 200 කට වඩා අඩු මට්ටමේ තබාගන්නට ශ්‍රීලංකා රජය මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Share with your friends :