27 C
Colombo
24/09/2024

ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ ජීවත්වන ශ්‍රීලාංකිකයන්ට කොවිඩ් වැක්සීන ලබාදීමේ වැඩසටහන අප්‍රේල් 17 දා

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ ජීවත්වන ශ්‍රීලාංකිකයන් සඳහා කොවිඩ් වැක්සීන ලබාදීමේ වැඩසටහන අප්‍රේල් 17 වන සෙනසුරාදා උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා Kedren Health Clinic , 4211 S.Avalon Blvd, Los Angeles, CA 90011 හිදී පැවැත්වේ.
වයස අවුරුදු 16 ට වැඩි සියලුම දෙනාට මෙහිදී කොවිඩ් වැක්සීන ලබා ගත හැක. මෙහිදී කොවිඩ් වැක්සීන 3000 ක් නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා රක්ෂණයක් තිබීම හෝ ඇමරිකාව තුල වීසා තත්වය අදාළ නොවේ.
කැලිෆෝර්නියාවේ ශ්‍රීලාංකික සංවිධාන හා ලොස් ඇන්ජලීස් හි ශ්‍රීලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය මෙම කටයුතු සංවිධානය කරයි.
මෙතෙක් කොවිඩ් වැක්සීන ලබා නොගත් ශ්‍රීලාංකිකයන් මීට සහභාගිවී එම සේවය ලබාගන්නා ලෙස ලොස් ඇන්ජලීස් හි ශ්‍රීලංකා කොන්සල් ජෙනරාල් වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා ඉල්ලීමක් කරයි.

Share with your friends :