27 C
Colombo
23/09/2024

වරාය නගර පනත් කෙටුම්පත හකුලා නොගතහොත් දැවැන්ත වැඩ වර්ජනයකට සාකච්ඡා

Share with your friends :

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති ගනනාවක් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙහි මුල් පියවර ලෙස එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා රජයට බලපෑමක් එල්ල කිරීමට ද එම කෙටුම්පත අකුලා ගැනීමට රජය සූදානම් නැතිනම් අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට ද නියමිත බව පැවසේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ දී රජයේ ප්‍රතිචාර මොනවාද යන්නත් දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සඳහා ලැබෙන තීන්දු පිළිබඳවත් සළකා බලා එකී වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට ගැනීමට නියමිතය.

Share with your friends :