27 C
Colombo
23/09/2024

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Share with your friends :

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ ,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා සහ සභාපති වරයා විදාන පතිරණ නීතීඥ සමාගම මගින් ද , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා මහතා නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මගින් ද , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා නීතීඥ සුනිල් වටගල මහතා මගින් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් වල සදහන් වේ.

Share with your friends :