27 C
Colombo
23/09/2024

ඉතිරි එන්නත් තොග ලැබෙනතුරු ඔක්ස්ෆර්ඩ් ඇස්කා සෙනිකා එන්නත ලබාදීම අත්හිටුවයි

Share with your friends :

කොරෝනා වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්කා සෙනිකා එන්නතේ ඉතිරි එන්නත් තොග ලැබෙන තුරු අදාළ එන්නත ලබාදීම අත්හිටුවා ඇතැයි කොරනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
මේ වන විට මෙරට පුද්ගලයන් ව 925,000 කට පමණ පළමු මාත්‍රාව එන්නත් ලබාදී ඇති අතර තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනහමාරක් පමණ ඉතිරි වී තිබේ.
එම එන්නත් තොගය පළමු මාත්‍රාව ලබා ගත් සෞඛ්‍ය අංශයේ සේවකයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය. ඔවුනට දෙවැනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 23 න් පසුව ආරම්භ කෙරේ.මෙරටට කොරෝනා එන්නත් මාත්‍රා 1,250,000 පමණ ප්‍රමාණයක් මෙරට ලැබී තිබිණි.

Share with your friends :