27 C
Colombo
24/09/2024

රනිල් ජාතික ලැයිස්තුවෙන් ළඟදීම පාර්ලිමේන්තු එන බව වජිර කියයි

Share with your friends :

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
සභාපතිවරයා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානමින් පසුවන බවය.
වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේ නව වසරේ ගාල්ල එජාප කාර්යාලයේ වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.
රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා තරම් පාර්ලිමේන්තු යාමට සුදුස්සෙක් තවත් නැතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැම අවස්ථාවකදීම රටට කිසිම හානියක් නොකළ ඉතිහාසයක් තිබෙන බව කී අබේවර්ධන මහතා වර්තමාන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළේය.

Share with your friends :