27 C
Colombo
22/10/2024

අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පතයි

Share with your friends :

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර තිබේ.
සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබිණි.

ධුරයේ සිටින ජනාධිපතිවරයකු සිංහල බසින් ශ්‍රීලාංකිකයන්ට සුබ පැතුම් කළ පළමු අවස්ථාව මෙයයි.

හින්දු ජාතිකයන් ඊයේ සහ අද නවරාත්‍රී සහ වයිසාකී වැනි උත්සව ද තායි වැසියෝ සොංක්‍රන් උත්සවය ද සමරති. මෙම උත්සව බෙහෙවින් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සව වේ.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද සුබ පැතුම් එක් කර තිබිණි.

“මේ සතියේ දී අලුත් අවුරුද්ද සහ වයිසාකි, නවරාත්‍රී, සොංක්‍රන් උත්සව සමරන දකුණු ආසියාතිකයන්ට සහ අග්නිදිග ආසියාතිකයන්ට මම සහ ජිල් (ජනාධිපතිවරයාගේ බිරිඳ) උණුසුම් සුබ පැතුම් එක් කරනවා. බෙංගාල, කාම්බෝජ, ලාඕස, මියන්මාර, නේපාල, සිංහල, දෙමළ, තායි සහ විෂු සුබ අලුත් අවුරුද්දක්!.” යනුවෙන් එහි දැක්විණි.

Share with your friends :