27 C
Colombo
20/01/2025

අත්අඩංගුවට ගත් අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්

Share with your friends :

පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අසේල සම්පත් කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2019 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අසේල සම්පත් ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
බඩු මිල හා ආහාර වල තත්වය ඇතුළු කරුණු ගනනාවක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දිනවල හඬ නැගීය.

Share with your friends :