27 C
Colombo
22/10/2024

හිට්ලර් කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ-ජර්මානු තානාපතිගෙන් දිලුම් අමුණුගමට ප්‍රතිචාර

Share with your friends :

හිට්ලර් යනු ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවන බව ශ්‍රීලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙව්බර්ට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ජර්මානු තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එය බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඔහු තම ට්විටර් ගණුමේ තබා ඇති සටහනකින් මෙසේ සඳහන් කරයි.

‘හිට්ලර් කෙනෙක් ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි පැවසෙන ප්‍රකාශයක් මට අහන්නට ලැබුණා.

එවැනි අදහසක් පළ කරන අයට මම මතක් කරන්න කැමතියි ඇඩොෆ් හිට්ලර් කියන පුද්ගලයා ඉතිහාසයේ අන් කවර පුද්ගලයකුටත් වඩා ජනතාව පීඩාවට දුක්බර තත්ත්වයට පත්කල නායකයෙක්. ඔහු මිලියන ගණනක් ජීවිත අහිමි කළා.

නිසැකවම ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ

1933 දී ජර්මානු චාන්සලර් පදවියට පත්වූ ඇඩොල්ෆ් හිට්ලර් 1933 සිට 1945 දක්වා එරට පාලනය කළේය. ඔහු විසින් යුදෙව් ජාතිකයන් ලක්ෂ 60 කට වැඩිපිරිසක් හා යුද සිරකරුවන් ඇතුළුව සිවිල් වැසියන් ලක්ෂ 193 ක් ඝාතනය කළේය. එසේම මීට අමතරව ඔහුගේ කටයුතු නිසා ඇතිවූ දෙවන ලෝක යුද්ධයෙන් ලොවපුරා හමුදා භටයන් ඇතුළු ලක්ෂ 287 කට ජීවිත අහිමි විය.

Share with your friends :