27 C
Colombo
22/10/2024

ඇමරිකානු හමුදා සැප්තැම්බර් 11 වැනිදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බව ජෝ බයිඩන් පවසයි

Share with your friends :

ලබන සැප්තැම්බර් 11 වැනිදා වන විට ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් ප්‍රකශ කර තිබුනේ මේ වසරේ මැයි මාසය වන විට ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා බවය.
2001 ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ විසිවන සමරුමද යෙදී ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් 11 වැනිදාටය.

කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය පොරොන්දු වූ පරිදි ප්‍රචණ්ඩ ක්‍රියා වලින් ඉවත් නොවූ බවට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝ සංවිධානය චෝදනා කර තිබේ.

Share with your friends :