27 C
Colombo
22/10/2024

ඩොලර් මිලියන 900 ක් ගෙවන තුරු එවර්ගිවන් නෞකාව ඊජිප්තුව රඳවා ගනී

Share with your friends :

පසුගිය දිනවල සූවස් ඇළ හරහා සිරවීම නිසා විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් රඳවා ගෙන තිබේ.
ඊජිප්තු බලධාරීන් විසින් එවර්ගිවන් නෞකාවේ ජපන් හිමිකරු වූ ෂෝයි කිසෙන් කයිෂා හට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක වන්දි ගෙවීමට නියම කර ඇති අතර එම වන්දි මුදල ගෙවනතුරු මෙසේ නැව රඳවා ගෙන තිබේ.
මෙම නැව සිරවීම නිසා සුවස් ඇල හරහා ගමන් කල නැව් 400 කට වැඩි ප්‍රමාණයක ගමනාගමනයට බාධා සිදු විය.
කෙසේ වෙතත් මෙම විශාල වන්දි මුදලට නෞකාවේ රක්ෂණ සමගම වන එංගලන්ත රක්ෂණ සමාගමක් දැඩි විරෝධය පළකර ඇත්තේ එය ඉතාම අසාධාරණ බව පවසමිනි.

Share with your friends :