27 C
Colombo
22/10/2024

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක්

Share with your friends :

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.
එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අත්සන් තැබිණි.
සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.
එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.
පසුගිය දිනවලද චීන ණය ලැබුනද ඩොලරය දිගින් දිගටම ඉහල යාම සිදුවී තිබේ.

Share with your friends :