27 C
Colombo
23/10/2024

ඩුබායිහිදී නිරුවතින් හැසිරුණු යුක්රේන,රුසියානු තරුණියන් හා ඡායාරූප ශිල්පියා පිටුවහල් කෙරේ

Share with your friends :

ඩුබායි හිදී මහල් නිවාස ගොඩනැගිල්ලක නිරුවතින් රංගනයේ යෙදුනු රුසියානු හා යුක්රේන තරුණියන් 20 දෙනෙකු හා රුසියානු ඡායාරූප ශිල්පියා වහාම එරටින් පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ. මෙම පිරිස නිරුවතින් රංගනයේ යෙදෙන අයුරු අවට මහල් ගොඩනැගිලි වල ජනතාව විසින් රූගත කර සමාජ ජාල වලට එක් කල අතර වහාම ක්‍රියාත්මක වූ ඩුබායි පොලීසිය මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මේ බව යුක්රේන හා රුසියානු බලධාරීන් වෙතද ඩුබායි බලධාරීන් විසින් දන්වා තිබේ. මේ අතර මෙම වීඩියෝව හුවමාරු කරන පුද්ගලයන්ට එරෙහිවද අවශ්‍ය නම් පියවර ගත හැකි බව ඩුබායි බලධාරීන් අනතුරු හඟවා තිබේ.
සාමාන්‍යයෙන් ඩුබායි රාජ්‍යය දඬුවම් ලබාදීම් වලින් තොරව මෙවැනි වැරදි සඳහා විදේශිකයන් පිටමං කිරීම නොකරන නමුත් මෙවර මෙම සිද්ධියේදී විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීති ප්‍රසිද්ධියේ නිරුවතින් හැසිරීම හා සිපගැනීම වැනි ක්‍රියාවන් බරපතල වරදක් වන අතර ඩොලර් 1360 ක දඩයක් සහ හය මසක සිරදඬුවම් පැනවිය හැක.

Share with your friends :