27 C
Colombo
23/10/2024

රොනී ද මෙල් බලන්න සජිත් ප්‍රේමදාස යයි

Share with your friends :

සිය 96 වන ජන්ම දිනය සමරනු ලැබූ මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ රොනී ද මෙල් මහතා හමුවීමටත් එතුමාට දීර්ඝායුෂ පතා සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රොනීද මැල් මහතාගේ නිවස වෙත ගොස් තිබේ.

1977ජේ.ආර් ජයවර්ධන  ආණ්ඩුවේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ ප්‍රමුඛතමයෙකු ලෙස කටයුතු කළේය . අයවැය වාර්තා 11ක් ඉදිරිපත් කරමින් වාර්තාගත මුදල් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කර ඇති හෙතෙම මෙරට ප්‍රාදේශීය සංවර්ධන බැංකු ස්ථාපිත කිරීමේ පුරෝගාමියා ද වෙයි.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළ රොනී ද මැල් මහතා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි ප්‍රසාදය පළ කළේය.අනාගතයේදී මේ රට නිවැරදි දිශානතියකට රැගෙන යාමට හැකියාව ඇති එකම පුද්ගලයා වන්නේ ද වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව හෙතෙම අවධාරණය කළේය.

Share with your friends :