27 C
Colombo
23/10/2024

පොල් සංවර්ධන අධිකාරියේ වැරදි තරු ක්‍රමයට ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම්වල විරෝධය

Share with your friends :

මෙරට ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදනය වන පොල් තෙල් වර්ග සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමිති ලාංඡන ලබා දී නැති බවට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් චෝදනා කර තිබේ.
අදාළ සමාගම් පෙන්වා දෙන්නේ වර්ජින් කොකනට් ඔයිල් හා භෞතිකව පිරිපහදු කරන ලද පොල්තෙල් සඳහා මීට වඩා වැඩි ප්‍රමිතියකින් යුක්ත බැවින් ඊට තරු පහට වඩා වැඩි ප්‍රමිතියක් පොල් සංවර්ධන අධිකාරිය විසින් ලබා දිය යුතු බවයි.

මේ අතර තම අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහෙත් මීට දැඩි විරෝධය පළකර ඇති ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම් පවසන්නේ පොල් සංවර්ධන අධිකාරිය කර්මාන්තය ගැන නිසි අවබෝධයකින් කටයුතු නොකිරීම නිසා සමස්ත කර්මාන්තයටම ගැටළු ඇතිවී ඇති බවයි.

අධිකාරිය නිකුත් කරන තරු සලකුණු පහකින් යුත් එම ප්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් බුද්ධිමය දේපල කාර්යංශයේ ලියාපදිංචිය විය යුතු බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පවසයි.

Share with your friends :