27 C
Colombo
23/10/2024

පාසල් වෑන් රථයේ ගමන් කරන දරුවා සිටින තැන දැනගන්න ARAKSHA APP නමින් ක්‍රමවේදයක්

Share with your friends :

දෙමාපියන්ට තම දරුවාගේ පාසල් වැන් රථය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි ARAKSHA APP නමැති නව මෘදුකාංගයක් ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. මේ අනුව දෙමාපියන්ට තම ජංගම දුරකථනය ඔස්සේ අදාළ පාසල් වෑන් රථය කවර ස්ථානයක පවතින්නේද යන්න දැන ගැනීමට හැකිවේ. මෙය PARENT APP ලෙස දෙමාපියන්ටද DRIVER APP ලෙස පාසල් වෑන් රියදුරනටද ලෙස කොටස් දෙකකින් යුක්තය.
මේ හේතුවෙන් පාසල් වෑන් රථ රියදුරන් වෙත දුරකතන පණිවිඩ ලබා දීමට දෙමාපියන්ට මින් ඉදිරියට අවශ්‍ය නොවේ. මෙම සේවාව ලබා ගැනීමට මාසිකව රුපියල් සියයක මුදලක් වැය කිරීමට දෙමාපියන්ට සිදුවේ.
පාසල් වෑන් රථ සංගම් හා පාසල් වෑන් රථ රියදුරන් සහභාගී කර ගෙන මෙම ක්‍රියාවලිය සිදු කෙරේ.

Share with your friends :