27 C
Colombo
23/10/2024

කුකුල්මස් කිලෝව රුපියල් 675-800 අතර මිලකට ඉහල නගී

Share with your friends :

වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
කුකුල් මස් කිලෝවක මිල මේවන විට රුපියල් 675 ත් 800 ත් අතර පවතී.
මේ අතර සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කුකුල් මස් රජයේ උපරිම මිලට පමණක් අළෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයින් අතර කුකුල් මස් මිල ඉහල යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී බ්‍රොයිලර් වර්ගයේ කුකුල් මස් රජයේ පාලන මිල වන රුපියල් 430 කට සහ ශිත නොකළ මස් රුපියල් 375 කට අළෙවිකරුවන්ට ලබාදීමට නිෂ්පාදකයන් එකඟ වූ බව ඇමතිවරයා පවසයි.

Share with your friends :