27 C
Colombo
23/10/2024

අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් සීමාරහිත පැකේජයන් දෙන බව කියා ජනතාව අන්දලා

Share with your friends :

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් පල කරති.
එසේම අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර තිබේ.
අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට චෝදනා නගන ජනතාව මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය වසර 10කින් ආපස්සට ගමන් කර ඇති බවත් මෙමගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති අන්තර්ජාල වේගය දැනට වසර 10 කට කලින් තිබුණු වේගයට සමාන වේගයක් බවටද කියා සිටිති.
එමෙන්ම එම සබඳතා සඳහා නියම කර ඇති ගාස්තු සඳහා ද ඔවුන් දැඩි විරෝධය පළකරති.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පවසන්නේ අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සපයන සමාගම් වල මාෆියාවට හසු‌වී ඇති බවය.
නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් අසීමිත අන්තර්ජාල පැකේජයන් කිහිපයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වනවිට එළිදක්වා ඇති බව පවසන එම සංගමය අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් හදුන්වා දී ඇති මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් බොහොමයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිහරණය සදහා පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ පැකේජයන් බවද විශේෂයෙන්ම මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් මේවන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වෙමින් පවතින බවද කියා සිටී.
අසීමිත අන්තර්ජාල පැකේජයන් කියා තම මාෆියාව තරකරගැනීමට කටයුතු කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත අප ශි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරන බවද එම සංගමය කියා සිටී .

Share with your friends :