27 C
Colombo
24/10/2024

වරාය නගරය වෙනම රටක්-පාර්ලිමේන්තු පනත් 25 ක් බල රහිත කරලා-ලක්ෂ්මන් කිරිඇල්ල

Share with your friends :

වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බවත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25 ක් වරාය නගරය තුළ බල රහිත බවත් ඒ අනුව එය වෙනම රටක් බවත් සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
රජයේ මුදල් පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව,මුදල් මණ්ඩලය හා මුදල් අමාත්‍යාංශය යන රටේ මුදල් පාලනය කරන ප්‍රධාන ආයතන තුනම මෙම වරාය නගරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නැති බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ඒ අනුව පැහැදිලි වන්නේ වරාය නගරය පාලනය කරන කණ්ඩායමට අවශ්‍ය පරිදි කටයුතු කරගැනීමට රජය අවසර දී තිබෙන බව යැයි හෙතෙම පවසන ලදී.
කෙසේවෙතත් මේ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින අතර ඒ හරහා මෙහි කරුණු කාරණා රටට හෙළිකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share with your friends :