27 C
Colombo
24/10/2024

පොදු ජන පෙරමුණේ යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක විරෝධය

Share with your friends :

පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ශ්‍රීලනිප මූලස්ථානයේදී හමුවු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා.මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න, විමල් වීරවංශ,උදය ගම්මන්පිල. ඩිව් ගුණසේකර, ජී වීරසිංහ,මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් හිස්බුල්ලා, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් එක්ව තරග වැදීමේදී ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවේ අපේක්ෂකයා වැඩි ඡන්ද ලබාගෙන සෙසු පක්ෂවල අපේක්ෂකයින් පරාජයට පත්වීම මෙම විරෝධයට හේතුවී තිබේ. විශේෂයෙන්ම කුඩා පක්ෂවලට ජාතික තලයේ මිස ප්‍රාදේශීය තලයේ නායකයින් හෝ සාමාජිකයින් නොමැති බැවින් මෙම තත්වය ඇතිවේ. එහෙත් දැනට පවතින ක්‍රමය යටතේ ලැයිස්තුවලට ජනප්‍රිය පුද්ගලයන් ඇතුළු කිරීම හරහා සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දිනා ගැනීමට සුළු පක්ෂ වලටද අවසථාව සැලසේ.

මේ අතර පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.
දැනට බලපැවැත්වෙන පනත මගින් කාන්තාවන් සඳහා ලබා දී තිබෙන 25% කෝටාව එලෙසම ආරක්ෂා විය යුතු අතර කොට්ඨාස සඳහාද එලෙසම තැබිය යුතු යැයි පැෆරල් සංවිධානයට සඳහන් කරයි.
කොට්ඨාශ ප්‍රමාණය 20% න් අඩුකිරීම ලැයිස්තුවට හිමිවීමේ ප්‍රතිශතය40% සිට 50% දක්වා අඩු කළ යුතු යැයි ද ඒ අනුව මෙතෙක් පවතින 60% -40% අනුපාතය 70% 30% දක්වා වෙනස් කළ යුතු බවද පැෆරල් සංවිධානය කියයි.

Share with your friends :